මත්පෙති කිලෝ 34 ක් සමඟ අයෙක් මාට්ටු


(ඉන්දිකා  රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හෙරොයින් ආදේශකයක් වශයෙන් භාවිතා කරන මත් පෙති කිලෝ 34 ක් සිය ගමන් බෑගය  තුළ සඟවා  චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි මගියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙම සැකකරු ඊයේ (18)  සවස  ගුවන් මඟින් මෙරටට පැමිණ සිටියදී  ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා  කිරීමේදී  එහි සූක්ෂම ලෙස අසුරා තිබූ   මෙම මත්පෙති සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ මත්පෙති 60, 460 ක් තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර රජවැල්ල ප්‍රදේශයේ පදිංචි (40) පුද්ගලයෙකි.

මෙරටට මත්පෙති ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම  සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.