මත්පැන්හලට විරෝධතා


 අංකුඹුර නගරයේ පවත්වාගෙන යන   මත්පැන් අලෙවිහලකට එරෙහිව  ප්‍රදේශයේ මහා සංඝරත්නය සමඟ සිය ගණනක් ජනතාව අංකුඹුර පූජාපිටිය මාර්ගය අවහිර කරමින්  අද විරෝධතාවක් කළහ..

 අංකුඹුර නගරයේ බොධීන් වහන්සේ අභියසට     රැස්වූ භික්ෂූන් වහන්සේ  සහ ප්‍රදේශයේ ජනතාව සිය ගණනක්  විරෝධතා පුවරු රැගෙන පෙළපාලියෙන්  පැමිණ  මත්පැන්හල ඉදිරිපිටදී අංකුඹුර පූජාපිටිය මාර්ගය හරස් කර සිය විරෝධතාවය පැවැත්වූහ.

 විරෝධතාවයට එක් වූ පිරිස් සදහන් කළේ මෙම මත්පැන්හලට ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධයක් පවතිද්දීත් එයට බලපත්‍ර ලබා දී ඇති බවට දැන ගන්නට ඇති බවයි.  

P1000593 P1000602 P1000630