
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අළුබෝමුල්ල රවුම් කඩේප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මත්පැන් හලකට විරෝධය පාමින් මහා සංඝයා ප්‍රමුඛ පිරිසක් එක්ව අද(10) එම ස්ථානයේදී විරෝධතාවයක් පැවැත්වුහ.
අළුබෝමුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට විරෝධතා පුවරු සහ බැනර් රැගෙන මහා සංඝයා වහන්සේ පෙරටු කරගෙන දහම් පාසල් සිසු දරු දරුවන් ,ප්‍රදේශවාසීන් බහුජන සංවිධාන සාමාජිකයන් පාගමනින්ම රවුම්කඩේ මත්පැන් හල ආරම්භ කිරීමට නියමිත ස්ථානය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කළහ
මෙහිදී පැයකට අධික කාලයක් මහා සංඝයා වහන්සේ සහා අනෙකුත් සියලුම විරෝධතාවයට සහභාගි වූ සාමාජිකයන් විරෝධය පානදුර රත්නපුර මාර්ගයේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දමා විරෝධය දක්වමින් කටයුතු කළ අතර පැයකට තබන පසු මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විනාඩි කිහිපයක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තබා විරෝධයපැවැත්වූහ.

