මත්පැන් නිශ්පාදනාගාරය ගැන සෙවීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දෙති


( ජවුෆර්කාන්)

මඩකලපුව කුම්බුරුමූලෙයිහි ඉදි කරන මත්පැන් නිෂ්පාදනාගාරයක් ගැන වාර්තා කිරීමට ගිය පී.සසිකරන් හා එන් නිත්තියානන්ද යන මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දී ඇතැයි ඒරාවූර් පොලිසිය පවසයි.

හය දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් තමන් යතුරුපැදියකින් පලා ආ බවත් එම මාධ්‍යවේදීන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර ඇත.  

අදාළ මත්පැන් නිෂ්පාදනාගාරය ගැන ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේදී ද විවාද පැවැත්විණි.