(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ඊයෙ( 21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 817ක් හා විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකථනයක් සමග පොලිස් භාරයටගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධිකොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකටඅනුව සැකකරු මධ්‍යයිව සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අංගොඩ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි