(ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු සුරාබදු නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර හමුවේ අද (7) පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමට සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකයකු ඇතුළු සුරාබදු නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය පවසයි.
සුරාබදු නිලධාරීන් විසින් උපයා දුතයන් වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මත්කුඩු තොගයක් ඇනවුම්කර ඇති අතර කතා කරගත් පරිදි සැකකරුවන් මත්ද්‍රව්‍ය රැගෙන ඊයේ පස්වරුවේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසලට පැමිණ ඇති බව බව පොලිසිය කියයි.
මෙහදී සැකකරුවන් කිසියම් උගුලකට හසුව ඇති බව දැනගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සිදු නොකර පලා යාමට උත්සහ කිරීමේ දී නිලධාරීන් එම රථයයේ ටයර් වලට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාර හමුවේ පලා යමින් සිටි සැකකරුවන් අතර මග මෝටර් රථය දමා ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බවට හෙළි වී ඇති බවද පොලිසිය පවසයි
මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බවද පොලිසිය කියයි.
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

