මත්තේගොඩ පිපිරීම බලන්න ගිය පොලිසිය ගේට්ටුවේ හිර වේ


මත්තේගොඩ හමුදා කඳවුරේ පිපිරීමක හඩ ඇසෙන බව ඒ ආසන්නයට ගිය කහතුඩුව පොලීසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද ඒ බව තහවුරු කළේය.

එහෙත් එහි ගිය පොලිසියට කඳවුර තුළට  පිවිසීමට ඉඩ ලැබී නැත.

කඳවුරේ ගේට්ටු වසා ඇතැයි පොලීසිය කියයි.