මත්තල වර්ජකයෝ අටසිල් ගනිති


හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට විකිණිමට යතියිද එම සේවයකන් වරාය අධිකාරීයට බදවා ගත යුතුයිද ඉල්ලා එහි සේවක කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය හා සත්‍යග්‍රහය අද (13) දින වන විටත් හත් වැනි දිනයටත් පැවැත්විණි.

වර්ජනය උදුවප් පුර පොහෝ දිනයේ දී මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම අසලදි සීල සමාදන් වුහ. සාධාරණ ඉල්ලීමට   සහය නොදී පන්න පන්නා අමානුෂික ලෙස අපට පහර දුන් සියලු දෙනාට මෛත්‍රීය පැතු බව මාගම්පුර  සේවක කමිටුවේ උප සභාපති අයි.කේ.ඕමේෂ් මහතා පැවසීය.

'අපි සියලු දෙනා එක්ව මේ ස්ථානයේදීම අධිෂ්ඨාන පහන් පුජාවකුත් පැවැත්වුවා. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා වරාය ඇමැති සමඟ කරන ලද සාකච්ජාවක් අනුව 14  වැනි දා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා සමඟ සාකච්ඡා කිරිමට නියෝජිතයින් සිව් දෙනෙකුට කොළඹට කැඳවා තිබෙනවා.'

01-(1)_

01-(3)_simg