මත්තල මුව රංචුව කැලේට


මත්තල රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තුළ සිටින මුව රංචුව ඉවත් කිරීමට සැලැස්ම සකස් කර දෙන ලෙසට මහාචාර්ය සරත් කොටගම මහතාට වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපදෙස් දුන්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේ දී ඔහු මේ බව සඳහන් කළේය.

ගුවන්තොටුපොළේ ගුවන් පථයත්, ආරක්ෂිත වැටත් අතර ප්‍රදේශයේ කොටසක මෙම මුව රංචුව සිටින හෙයින් එම ප්‍රදේශය ආවරණය වන සේ මෙම වැඩපිළිවෙළ සකස් විය යුතු බවද ජයවික්‍රම පෙරේරා මහතා කිය.