මත්තල පහසුකම් නොමිලේ ?


විවෘත ගුවන්  ප්‍රතිපත්තියක් යටතේ  මත්තල  රාජපක්ෂ  අන්තර්ජාතික  ගුවන්  තොටුපළට  ගුවන් යානා මෙහෙයුම්  මධ්‍යස්ථානයක්  තිබිමිට  කිරිමේ   හැකියාව  ගැන  සිවිල්  ගුවන්  සේවා   දෙපාර්තමේන්තුව  සොයා  බලයි. වාණිජ  ගුවන්   සමාගම්  වලට  මත්තල නොමිලේ   පහසුකම්  සැලසීමෙන් එම  ගුවන්  තොටුපළෙන්  සිදුවන  පාඩුව  අවම  කර  ගැනිම රජයේ   අරමුණයි. මේ  සඳහා  ගැසට්  නිවේදනයක් ලොව වටා  ගුවන්  සමාගම්  වෙත දැන්විමට  නියමිතය.