එක්සත් ජාතික පක්ෂය බලයට පත්වුවහොත් මත්තල ගුවන්තොට කටු ගෙයක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
මත්තලට ගුවන් යානා ගොඩබෑමට හා නැංවිමට පෙර රතිඤ්ඤා මල්වෙඩි පත්තු කර කුරුල්ලන් එලවීමට සිදුව ඇතැයි ඔහු කීවේය.
‘මත්තල අවට සියලු දිය කඩිති වසා දැමීමට යන බව කියනවා. මහජනතාවට පමණක් නොව සතුන්ටත් වන්දි ගෙවීමට සිදුවී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිති ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා ගුවන්තොට හදා තිබෙනවා.‘