මත්කුඩු ළඟ තබාගත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්


(ෂෙහාන් චාමික සිල්වා)

හෙරොයින්  කිලෝග්‍රෑම් එකක් හා ග්‍රෑම් 97 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු  සැකකරුවන් දෙදෙනෙකු  ජිවිතාන්තය දක්වා සිර බාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (30) නියෝග කළේය.

ධර්මරාජ සුසේන්ද්‍රන් හා ගෞතම් තිරිමානන්දන් සැකකරුවෝ වෙති.

2013 පෙබරවාරි  13 වැනි දා  බම්බලපිටියේ දී  පොලිස් මත්ද්‍රව්‍ය  නාශංක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.