( ජයන්ත සමරකෝන්)
දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන පොඩි ලැසීගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම ස්ථානයේ බන්ධනාගාර ජේලර්වරයකුද සිට ඇත.
ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා බවත් එවන් ස්ථානයක සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (22) පොලීසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවත් මීටියාගොඩ පොලීසිය පවසයි.
බුස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස මොහු කලක් කටයුතු කර ඇති අතර ගාල්ල බන්ධනාගාරයට ස්ථානමාරුවීමක් ලබා පැමිණ සති දෙකක් පමණ කාලයක් බවද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඉකුත් 19 වැනිදා මෙම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර හෙරොයින් විකුණු ස්ථානයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 6300 ක් ද සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ත්‍රිත්ව පුද්ගල ඝාතනයකටද සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර සිද්ධින් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු වන බවද පොලිසිය සඳහන් කළේය. මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.