මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ තොරතුරු පාසල් විෂයය මාලාවට එක් කිරිමට තිරණය කර ඇත. ඊට අමතරව සෑම පාසලකටම මත්ද්‍රව්‍ය නිවාරණ ශිෂ්‍ය සමිති බිහි කිරිමටත් යයි.
අධ්‍යාපන අමාත්‍යංශය හා එක් වී මෙම කාර්යයන් වහාම සිදු කිරිමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) පැවැති විශේෂ සාකච්ජාවක දී මෙම තිරණ ගත් බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
පාසල් විෂය මාලාවට මෙය එක් කිරිමේදී පුරවැසි අධ්‍යාපනය හෝ සෞඛ්‍ය විෂයට අදාළ සිදු කිරිමටත් තිරණය කර ඇත.

