(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - ජූනි මස 26 දිනට යෙදෙන ජාත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මහනුවර උසස් බාලිකා විදුහලේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සංවිධානය කරන මත් නිවාරණ වැඩසටහන මහනුවර ඇඩික් ආයතනයේ ප‍්‍රධාන දේශක ඉන්දික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජූනි 23 දින උදේ 9.00ට විදුහල් ප‍්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට යයි.
විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත සංගම් භාර හිරන්ති හිග්ගොඩ මහත්මිය ඇතුළු මත් නිවාරණ කමිටුව සංව්ධානය කරන මෙම වැඩසටහනට පිළිමතලාව අලදුවක කනිෂ්ඨ විදුහලේ සිසුන් ඇතුළු ආරාධිත පාසල් රැසක් සහභාගි වනු ඇත. ලෝක අමද්‍යප දිනයට පූර්වගාමී ව පවත්වන ලද චිත‍්‍ර හා පෝස්ටර් තරගයේ ජයග‍්‍රාහිකාවන්ට තිළිණ හා සහතික ප‍්‍රදානය ද සිදු කෙරේ.

