කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර රාජකීය රග්බි සංකීර්ණයේ අද (18 වැනිදා) පැවැති රග්බි තරගය මතභේදාත්මක ආකාරයෙන් අවසන් විය.
තරගය ආරම්භ වී විනාඩි කිහිපයකින් පසුව දෙපිලම ලකුණු 20 ක් බැගින් ලබා සිටියදී රාජකීය විදුහල් පිල තරග වැදීම ප‍්‍රතික්ෂේප කරමින් පිටියෙන් ඉවත්ව ගියේය. විනාඩි 56 ක කාලයක් රාජකීයයන් නැවතත් පිටියට නොපැමිණි හෙයින්ද තරගය නතර කිරීමට විනිසුරු විධානයක් නොකළ හෙයින්ද ඉසිපතන කී‍්‍රඩකයන් දිවගොස් ලබාගත් උත්සාහක දිනුම ගෝල දිනුමක් බවට ප‍්‍රවර්ථනය කරන ලදි. එවිට ලකුණු තත්ත්වය 27-20 ක් විය.
තරගයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන මේජර් මිල්රෝයි ප‍්‍රනාන්දු කුසලාන ඉසිපතන විදුහලට හිමිවිය.