
(ප්‍රසාද් රුක්මල්, සමන් පාලිත නානායක්කාර සහ වියලුව වාර්තාකරු)
පස්කදු කඩාවැටී නායයාමට ලක්ව තිබූ පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය විවෘත කර පැය කීපයකට පසුව 25 කනුව කුරුවිගොල්ල ප්‍රදේශයේ දී අද (11)රාත්‍රි සිදුවු නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
මීට පෙර වර්ශාවත් සමඟ පස්කදු කඩාවැටී නායයාමට ලක්විමෙන් දිනකීපයක් වසා දමා තිබූ පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය සැහැල්ලු වාහන ධාවනය සඳහා පමණක් අද (11)දහවල් යලි විවෘත කර හෝරා කීපයකට පසුව යලි මෙසේ රාත්‍රි විශාල පස්කන්දක් කඩාවැටීමෙන් මාර්ගය අවහිරවි ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු බදුල්ල එස්.එස්.හෙන්නායක මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් පවතින වර්ශාව බාධාවක් වී ඇති අතර මාර්ගය පිලිසකර කිරීමට කටයුතු සිදුකරන බවත් හෙන්නායක මහතා වැඩිදුරටත් පැවසිය.

