(ප්‍රසාද් රුක්මල් )
මඩොල්සිම ඇකිරිය ප්‍රධාන මාර්ගයේ බටාවත්ත කුරුවිගොල්ල සංජීව් දේවස්ථානය අසල දී අද (03) රාත්‍රි මීට සුලු මොහොතකට පෙර වර්ශාව නොමැතිව විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි .
විශේෂයෙන් හෙට (4) දිනයේ අපොස උසස් පෙළ විභාගය පැවත්වෙන හෙයින් මින් එම විභාගයට පෙනී සිටීමට යන සිසුන් ට කිසියම් බාධාවක් වීමට ඉඩකඩ ඇති බවත් පොලිසිය කීය .
අද (3) දින වර්ශාව.නොමැති වුවත් ඉහළ කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වතයක් මෙසේ මාර්ගය ට කඩා වැටී ඇති බවත් , පසුගිය දිනවල පැවති දැඩි වර්ශාවත් සමඟ පොලොව බුරුල් වී තිබිම නිසාවෙන් මෙසේ මෙම විශාල ගල්පර්වතය මාර්ගයට කඩා වැටෙන්න ට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය
කෙසේ වෙතත් මාර්ගය ට කඩා වැටී ඇති මෙම විශාල ගල්පර්වතය ඉවත් කිරිමට කටයුතු කරන බවද මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය සදහන් කළේය .