මඩු වලිගෙන් තැලීමේ කතාවට ලොකු ප්‍රසිද්ධියක්


ස්පාඤ්ඤ පොප් ගායක එරිකේ ඉග්ලියාසිස් ‘සෙක්ස් ඇන් ලව්‘ සංගීත රාත්‍රිය පැවැත්වූ කොළඹ වේදිකාවට   ප්‍රේක්ෂිකාවක සිය සිය තන පටය ගලවා විසි කිරීම හා තවත් පිරිසක් වේදිකාවට නැඟුනු සිද්ධිය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ජනපති කළ ප්‍රකාශයට ලොව පුවත්පත් ප්‍රසිද්ධියක් දුන්නේය.

අශිෂ්ඨ ගැහැනුන් වේදිකාවට නැගීමේ එම ප්‍රසංගය සංවිධානය කළ අයට විෂ සහිත මඩුවලිගයකින් තැලිය යුතු යැයි ජනපති කී කතාව ඔවුන්ගේ සිරස්තලයට යොදා ගෙන ඇත.

මත්පැන් බී සිටි ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් ජනපති කෝපයෙන් කතා කළ බව ද ලන්ඩන් ටයිම්ස් පත්තරය කියයි.

ලයිව් ඉවෙන්ට්ස් නම් සමාගම මේ ප්‍රසංගය සංවිධානය කළ බවත්, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන ක්‍රිකට් ක්‍රීඩකයන් එහි අයිතිකරුවන් වන බවත් එම පත්‍රය සඳහන් කරයි.

සිදුවූ අඩුපාඩුවලට සංගක්කාර හා මහේල ජයවර්ධන කණගාටුව පළ කළ බව ද එම පත්‍රය කියයි.

876e16ae-ad8d-11e5_1035054c