මඩපාතත් රතුපස්වලක ලකුණු පෙන්වයි


පිළියන්දල මඩපාත එස් ඇන්ඩි ඩී සමාගමෙන් පරිසරයට ඇති වන බලපෑම් ගැන බටකැත්තර ශ්‍රී සුමනාරාමයේදී සියලු පාර්ශව අතර පැවැති සාකච්ඡාවකින් තොරව අවසන් විය.

මුල සිටම උණූසුම් ස්වාභාවයක් ගත් රැස්වීමට කම්හලේ පාලකයෝද පොලීසියද ,පරිසර  අධීකාරියද ගැමියෝද පැමිණ සිටියහ.

මහජනයා ගැන  කම්හල හා බලධරයන් නිසි සැළැකිල්ලක් නොදැක්වු බවට ගැමියෝ චෝදනා කරති .

කම්හලට සම්බන්ධ බව කියන පුද්ගලයකුට එහි රැස්ව සිටි පිරිස පහර දෙන්නට ගිය බවත් පොලීසිය නිසා ඔහු බේරුණූ බවත් දැනගන්නට ඇත.