මඩපාත කම්හල්කරුට ඇප


මහජන පීඩාවක් වන අයුරින් කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගියැයි  මඩපාත එස් ඇන් ඩී කර්මාන්ත ශාලාවේ හිමිකරු උදයන්ත ද සිල්වා රුපියල් පන්ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා අද නියෝග කළේය.

තමා වෙනුවෙන් වෙනත් නියෝජිතයකු ඉදිරිපත් කිරීමට අවසර දෙන්නැයි හිමිකරු විසින් කළ ඉල්ලීම ඉවත දැමූ මහේස්ත්‍රාත් නඩු විභාගය අවසන් වන තුරු අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් ද තහනම් කැරිණි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)