මාධ්‍යවේදියකුව සිට ඝාතනය කරන ලද සුහිර්දරාජන්ගේ 11 වැනි සැමරුම නිමිත්තෙන් නැගෙනහිර පළාත් මාධ්‍යකරුවන්ගේ පදනම අද(05) මඩකලපුව ඔරලෝසු කණුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
ඝාතනය වූ හා අතුරුදන් වූ මාධ්‍යකරුවන්ගේ පරීක්ෂණ ඉක්මන් කරන ලෙසත් ඔවුන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ඔවුහු ඉල්ලති.
2006 ජනවාරි 24 වැනිදා ත්‍රිකුණාමලයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද සුහිර්දරාජන්ගේ ඝාතනයට මෙතෙක් විසඳුම් ලැබී නැතැයි ද ඔවුහු පැවසුහ.





