මඩකලපුව පට්ටිපොල කෙවිලියාමුඩුව ගම් හතරක හාරසියයක් පමණ වන වැසියනට ග්‍රාම සේවා සහතික ,පොලිස් සහතික ඇතුළු රජයේ ලියවිලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙන් නොදෙතියි පවසමින් පවසමින් ගම්වාසිහු අද මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය අසල ඇරැඹු උද්ඝෝෂණය පැය තුනකට පසු අවසන් විය.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් බී එස් එම් චාර්ල්ස් මහත්මිය එහි පැමිණ රජයෙන් සැලසෙන සියලු පහසුකම් ලබා දෙන බව ලිඛිත පොරොන්දුවක් දුන් පසු උද්ඝෝෂණය අවසන් විය.
සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම, අම්පාර මඩකලපුව දෙදිසාවේ උප සංඝනායක අම්පිටියේ සුමනරත්න හිමි වරුන් ඇතුළු භික්ෂුහු මේ උද්ඝෝෂණය මෙහෙයවුහ.
මඩකලපුවේ පදිංචිව සිටි මෙම සිංහල වැසියෝ යුද්ධය සමයේ අම්පාර වැනි පෙදෙස් වලට ගොස් සාමය උදා වු පසු යළි සිය ගම් බිම වලට ආහ.

