මඩකලපු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරේ


(මහින්ද නිශ්ශංක)


කොළඹ-මඩකලපුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව, ත්‍රිකුණාමලය-කොළඹ බලා අද(18) රාත්‍රියේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කළ බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.


එයට අමතරව කොළඹ-මඩකලපුව හා මඩකලපුව-කොළඹ රාත්‍රී නගරාන්තර දුම්රිය දෙක ද අවලංගු කර තිබේ.


මඩකලපුව දුම්රිය මාර්ගයේ පලුගස්වැව හා හබරන අතර ඉන්ධන දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මෙම අවලංගු කිරීම් කර ඇත.