මඩකලපුව පදිංචි තරුණියක රුපියල් පනස් තුන් ලක්ෂ හැටහතර දහසක් වටිනා රන් ආභරණ පැළඳ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්ට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
ඇගේ වයස අවුරුදු විසි එකකි. ඇය පැළඳ සිටි රන් ආභරණ වල බර ග‍්‍රෑම් එක් දහස් තුනකි. මේ අතුරින් බොහොමයක් නිම නොකළ රන් ආභරණ බව රේගුව කියයි.
ඇය ඊයේ මධ්‍යම රාත‍්‍රියේ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 141 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු නිලධාරීහු සිදුකරති.