(අංජුල මහික වීරරත්න)
යල කන්නයට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ 20 දිනට ආසන්න දිනක දී කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.
යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මුල්‍යාධාර යටතේ මෙම මඩ පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට නොමිලයේ ම ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම මඩපොහොර තොගය ඊජිප්තුවේ සිට මෙරටට ලැබීමට නියමිත අතර ඒවා මෙරටට ලැබුනු විගසම යල කන්නයේ වී වගාව ආරම්භ වීමට ප්‍රථම දිවයින පුරා බෙදා හැරීමට නියමිතය.

