මඩ පහර හය දෙනකු රෝහලට යවයි


මත්තේගොඩ කානිවල් බිමකදී මඩ පහරක් වැදීමෙන් ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් මත්තේගොඩ හා පොල්ගස්ඕවිට දෙපිරිසක් අතර සල්ගස් හන්දියේදී ඇතිවූ ගැටුමකින් පසු කැපුම් තුවාල ලැබූ හය දෙනෙක් කළුබෝවිල, හෝමාගම හා වෑතර රෝහල්වලට ඇතුළු කරනු ලැබ සිටිති.

සැකපිට එක් අයකු සහ ලොරියක් අත්අඩංගුවට ගෙන ඇත.