මඩ ගොහොරුව අයියා නගෝ බිලි ගනී


පිළියන්දල වවනවත්ත ප්‍රදේශයේදී   කැස්බැව  බෝකුන්දර අලුතින් තනන මාර්යේ සෙල්ලම් කරමින් සිටි අය්යා නගෝ   දෙදෙනකු මඩගොහොරුවක ගිලී මියගොස් ඇතැයි ද, මළසිරුරු පිළියන්දල රෝහලේ තබා ඇතැයි ද පොලිසිය කියයි.

පී සී කවිදු කෂ්මීර (9) සහ කවිනි නිවර්තනා (7) එලෙස මිය ගියහ.

ඔවුහු මාකන්ද ශ්‍රී සුදර්ශන විදුහලේ දෙවැනි සහ හතර වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන් සිටියහ.

උපකාරක පන්තියකට සහභාගී වී මව සමග පැමිණි සිසුන් දෙදෙනා පාරට ගොස් සෙල්ලම් කර ඇති බවත්, එම අවස්ථාවේ මඩගොහොටුවට වැටී ඇති බවත් කියති.