මට්ටක්කුලිය සමිට්පුර සිදුවූ වෙඩි තැබීමකින් සිව්දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
හෙරොයින් විකිණූ බව කියන පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙම ඝාතන සිදුවී ඇති බවත් මියගිය පිරිස අවුරුදු 24ත් 29ත් වයස්වල පසුවන්නන් බවත් පොලිසිය කියයි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න