මට මහලු වයසේ - හෙල්ල විසි කළ හැකිය පෙර සේ


 කෑගල්ලේ දී අද (24) පැවැති  ක්‍රීඩා  තරගයකදී   මීටර් අටයි සෙන්ටිමිටර් නවයක් දුරට හෙල්ල ද ,මීටරයයි සෙන්ටිමීටර නවයක් දුරට යගුලියද විසි කැර වයස අවුරුදු 112 ක් වූ කාන්තාවක් මුල් තැන හිමි කැර ගත්තාය.

 අරණායක ගෙවිලිපිටියේ පදිංචි එස් පී අනුලාවති මහත්මිය (112) මේ දස්කම් දැක්වුවාය.

මෙම තරගයට  ඉදිරිපත් වු අවුරුදු අනූවක් වයසැති  කෑගල්ලේ බී.මාටින් මහතාද හෙල්ල මීටර් අටයි සෙන්ටි මීටර් නවයක් දුරට ද යගුලිය මීටර් පහයි සෙන්ටිමීටර හයක් දුරට ද විසී කළේය.

සමස්ත ලංකා ප්‍රවීණයින්ගේ  පස් වැනි විවෘත මලල ක්‍රිඩා තරගය කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

DSC03225 DSC03228 DSC03230