ඉදිරියේදී තිරගත වීමට නියමිතKahaani2: Durga Rani Singh චිත්‍රපටය හරහා කලකට පසු නැවතත් බොලිවුඩ් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන විද්‍යා බාලන් පසුගිය සතියේ ඇගේ ජීවිතය ගෙවෙන ආකාරය,සිනමා කටයුතු සහ ඈ සමාජ වෙබ්අඩවි ජාල සමගින් කටයුතු කරන ආකාරය පිළිබඳ ෆිල්ම්ෆෙයාර් සඟරාව සමගින් අපූරු සම්මුඛ සාකච්ඡාවකට එක් වූවාය.
විද්‍යා, ෆේස්බුක්, ට්විටර් හෝ ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරනවාද ?
මම ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරලා නම් යම් විනෝදාස්වාදයක් ලබනවා. මොකද මම හුඟක් ඡායාරූප ගන්න කෙනෙක්. මමමයි ගන්නෙත්. එහෙම තමයි ඉන්ස්ටග්‍රෑම් හරහා මම මගේ රසිකයන්ට මගේ ඡායාරූප තිළිණ කරන්නේ.(සිනාසෙමින්) මට හිතෙන්නේ නැහැ ඒක නොකර ඉන්න ඕනි කියලා. ඒත් ඒ නිසාමද මන්දා මට දැන් ට්විටර් පැත්තේ යන්න බැරිවුණා. මං හිතන්නේ මම අවුරුද්දකින් විතර ට්විටර් ගිණුම පාවිච්චි කරලා නැතුව ඇති.අනික මම කැමති නැහැ මගේ ඉන්දියානු රසිකයන්ගේ සිතුම් පැතුම්වලට හානියක් කරන්න.ඔවුන් අපහසුතාවට පත් කරන්න මට ඕනි නැහැ. ඒත් මම සමහර අයගේ අදහස් ගැන උනන්දුයි. ඒවා කියවනවා.එයින් වින්දනයක් ලබනවා. ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය උත්තේජනයක් ලබනවා. සමහර වෙලාවට මට සමහර ට්විටර් පණිවුඩවලට පිළිතුරක් ලබාදෙන්නම හිතෙනවා.ඒත් පස්සේ ඒඅදහස වෙනස් කරගන්නවා.
මොකක්ද ඔබ ඔබ ගැන කියවපු හොඳම ට්විටර් පණිවුඩය?
කහානි 2 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වන වෙලාවේ හුඟක් රසිකයන් මං ගැන හුඟක් හැඟීම්බරව ට්විටර් පණිවුඩ නිකුත් කර තිබුණා.හැමෝම වර්ණනා කරන ආකාරයෙන් ඒ චිත්‍රපට පූර්ව පටය ගැන කතා කරලා තියෙනවා වැනි හැඟීමක් මට දැනුණා.මම කැමතියි ඒකට.
කහානි 2 චිත්‍රපටයේ ඔබේ චරිතයගැන විස්තර කළොත්?
කහානි2 චිත්‍රපටයේ චරිත 140ක් ඉන්නවා.මම රඟපාන්නේ දුර්ගා රාණි සිං විදිහට.ඇය නිතර දකින්නට නැති අඳුරු චරිතයක්.
සමාජ වෙබ් අඩවි ජාලයේ ඔබට වැඩිම ආස්වාදයක් ලබාදෙන පුද්ගලයා කවුද ?
අපි සමාජ වෙබ් අඩවි ජාලවලට ගියාම ඔවුන්ගෙන් හුඟ දෙනෙක් අපි පෞද්ගලිකව දැකලා,හමුවෙලා නැති අය.ඔවුන්ට ඕනෑ දෙයක් කියන්න අයිතියක් තියෙනවා.ඔවුන්ට යමක් කියලා පැත්තකට වෙන්නත් අයිතියක් තියෙනවා. ඒත් ශිරිෂ් කුන්දර්ගේ ට්විටර් පණිවුඩ හුඟක් විනෝදාත්මකයි,රසබරයි.
ඒත් නිතර නිතර සමාජ වෙබ් අඩවි ජාලවල ඔබ දකින්න කැමති කෙනෙකුත් ඇති ?
ඉඩ්‍රිස් ඇල්බා. ඔහු තමයි මෙතෙක් බිහිවුණු ආකර්ෂණීයම නළුවා.ඔහු කළු ජාතික බ්‍රිතාන්‍ය පුරවැසියෙක්.ඒත් හුඟක් නිවිච්ච කෙනෙක්.
ඒත් ඔබ ඇයි සමාජ වෙබ් අඩවි ජාලවල අදහස් දැක්වීම හුඟක් අඩු ? එයට මොනවා හෝ හේතුවක් තිබෙනවාද ?
ඔව්.මට අනවශ්‍ය අදහස් පළ කරලා අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න උවමනා නැහැ. අනික හැමෝම, හැමදෙයටම පිළිතුරු දුන් පළියට අපිත් පිළිතුරු දීමෙන් යමක් වෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.විශේෂයෙන්ම දේශපාලනික ප්‍රශ්නවලදි අපි කතා නොකර ඉමුයි කියලයි මම හිතන්නේ.
සමාජ වෙබ් අඩවිවල තියෙන යමක් ඔබට වැටහුණේ නැත්නම් ඔබ කාටද කතා කරන්නේ ?
අනිවාර්යයෙන්ම මගේ කළමනාකාරිනිය ප්‍රියංකා.ඇය තමයි මගේ ඩිජිටල් ඒජන්සිය.මම ඇයට තමා දුරකථනයෙන් කතා කරලා දැනගන්නේ.
ඒ කියන්නේ ඔබේ කළමනාකාරිනියට ඒ ගැන දැනුමක් තියෙනවා ?
ඔව්. අනිවාර්යයෙන්ම.මට අවශ්‍ය දේ ඇයට කිව්වාම ඇය දන්නවා ඒක.අනික මම 2009 තමයි ට්විටර් ගිණුම හැදුවේ.
කොච්චර වෙලාවක් ඔබ සමාජ වෙබ් අඩවි ජාල එක්ක ගනුදෙනු කරනවාද ?
මිනිත්තුපහකට වඩා ඉන්නේ නැහැ.මොකද මම ඒකට ඇබ්බැහි වුණු කෙනෙක් නෙමෙයි.
මාලන් ගෝවින්ද