මඟුල් පෝරුව කැඩේ :මනාලිය යාල ගහක් උඩ


සුරියවැව වෙහෙරපැලැස්සේදී පැහැරගනු ලැබී යැයි කියැවුණු තරුණියක (24) යාල වනෝද්‍යානයයේ කොහොඹ ගසක් උඩ සිටියදී අද (03) අලුයම සොයා ගත් බව සූරියවැව පොලීසිය කියයි.

සූරියවැව නිමි ඇදුම් කඩයක සේවය කළ ඇය විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පෙර දිනයේ පැහැර ගන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි. ඇය පැහැර ගත් බව සැකකරන තරුණ සැක කරුවෝ තිදෙනෙක් ද වෑන් රියක් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ.

බ්‍රහස්පතින්දා (02)  සවස හයට පමණ ඇය පැහැර ගන්නට ඇතැයි ද එදින රාත්‍රියේ තිස්සමහාරාම කිරින්දේදී  වෑන් රථය හා රියදුරා මුලින්ම අත්අඩංගුවට ගත හැකි වී යැයි ද පොලිසිය කියයි.

තරුණිය යාල වනෝද්‍යානයෙන්  සොයා ගන්නට දෙපැයකට පමණ පෙර  වනෝද්‍යානයේ සැඟවී සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු ප්‍රධාන සැකකරු බව සොයා ගත් බවත් පොලීසිය සදහන් කරයි.

සැකකරුවන් තරුණිය හා වෑන් රියද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.