ලංකාවේ ටෙලිනාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට අමතක නොවන අද්දැකීමක් එක් කළ තවත් එක් සුවිශේෂ ටෙලි නාටකයක් විදියට ‘කාව්‍යා’ හැඳින්විය හැකියි. කලකට ඉහත දී සිරස රූපවාහිනියේ විකාශය වූ එම ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතය වූ ‘කාව්‍යා’ ට පණ පෙවූ ඒ හැඩකාරිය තමයි ඕෂධී හේවාමද්දුම. ඇය කාව්‍යා චරිතය හරහා පේ‍්‍රක්ෂක සිත් සතන්වල ලැඟුම් ගත්තෙ කිසිදා අමතක නොවන මතකයන් ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට එක් කරමින්. ඒ පැරණි මතකයන් බෙදා හදා ගන්නට මෙවර සිත්ගත් රංගනයෙන් එක්වන්නේ රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමයි.
ඕෂධී කාව්‍යා චරිතයට තෝරාගැනීම ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මට සතුටුයි. ඒක ඉන්දියානු අධ්‍යක්ෂවරයකුගෙ තීරණයක්. මේ චරිතෙට මට කලින් ගොඩක් ජනප‍්‍රිය නළු නිළියො ඉන්ටව් කරලා තිබුණා. මට වඩා ප‍්‍රවීණ ජනප‍්‍රිය නිළියොත් තිර පරීක්ෂණයට ගිහින් තිබුණා. ඉතින් ඒ අතරින් මාව මේ චරිතෙට තෝරා ගැනීම ගැන සතුටුයි. ඒ වගේම පොඩි ආඩම්බරයකුත් තියෙනවා.
ඒ චරිතය පේ‍්‍රක්ෂකයො අතර ගොඩක් ජනප‍්‍රිය වුණානෙ. එතරම් ඒ චරිතය වැළඳගැනීම පිළිබඳ මොකද හිතෙන්නෙ.
ඇත්තටම ඒ වෙද්දි මම පූජා කියන ටෙලිනාට්‍ය හරහාත් යම්කිසි ජනප‍්‍රියත්වයක් ලබාගෙන තිබුණා. නමුත් ඊට වඩා පුදුම ජනප‍්‍රියත්වයක් කාව්‍යා චරිතෙට ලැබුණා. මොකද ඒ කාලෙ ඉඳන් කොහොමත් ඉන්දියානු ටෙලිනාට්‍ය අපේ පේ‍්‍රක්ෂකයො අතර ජනප‍්‍රිය වෙන ප‍්‍රවණතාවයක් තිබුණනෙ. ඒ වෙද්දී වසුදා නාට්‍යය විතරයි ඉන්දියානු අධ්‍යක්ෂවරු ලංකාවට ඇවිල්ලා මෙගා ටෙලිනාට්‍යයකට කළේ. ඉතින් වසුදා නාට්‍යයෙන් පස්සෙ කාව්‍යාත් ගොඩක්ම ජනප‍්‍රිය ටෙලිනාට්‍යයක් වුණා. ඒ චරිතයත් බොහොම අහිංසක නිසා ඒ තරමටම කට්ටිය ආදරෙ කරන්න ඇති කියලා හිතනවා.
ඒ දවස්වල ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?
අම්මෝ සෑහෙන්න ප‍්‍රතිචාර තිබුණා. ඇත්තටම මම මේ සඳහා සම්බන්ධ වෙනකොට හිතුවෙවත් නෑ මේ තරමට ප‍්‍රතිචාර ලැබෙයි කියලා. ජාති ආගම් භේදයක් නැතිව මට සහ කාව්‍යා චරිතයට ගොඩක් අය ආදරේ කළා.
රසිකයො තවමත් ඒ නමින් කතා කරනවද?
තවමත් කාව්‍යා නමින් ආමන්ත‍්‍රණය කරන අය ඉන්නවා. නමුත් මුල් කාලේ දී වගේ ඒ නමත් එක්ක ගොඩක් ජනප‍්‍රිය වුණාට පසුකාලීනව මම කරපු විවිධ චරිතත් එක්ක ජනතාව නැවත මගෙ ඇත්ත නම ඕෂධී කියන එකට හුරුවුණා. ඒත් ඉස්සර ඒ කතාව බලපු පොඩි ළමයි තවමත් කතා කරන්නේ කාව්‍යා නමින්.
කාව්‍යා කියන්නෙ හරිම ආදරණීය චරිතයක්නෙ. ඒක කොහොමද ඕෂධීට දැනුණෙ?
මෙහෙමයි. මම කාව්‍යා කළේ මගේ හොඳම තරුණ වයසෙ. ඒ නිසා අපිට ආදරේ කියනදේ අමුතුවෙන් රඟපාන්න ඕනැත් නෑ. ඒ ආදරය කිව්වට ආදරයෙන් පරාජය වෙන චරිතයක්. ඇයට ආදරය කරන පෙම්වතාව අහිමි වෙනවා. කාව්‍යා හරි අහිංසක ආදරෙදි අනුකම්පාව විඳින චරිතයක්. ඇත්තටම ඒ චරිතෙ කරද්දිත් මට හිතුණු දෙයක් තමයි මෙහෙම චරිත මේ ලෝකෙ ඉන්නවද කියන දේ.
ඕෂධීගෙයි කාව්‍යාගෙයි වෙනස කොහොමද දකින්නෙ?
මම නම් කාව්‍යා තරම් අහිංසක නෑ. නමුත් ආදරයෙදි ඇය වගේ යම් යම් කැප කිරීම් කරයි. නමුත් ප‍්‍රතිචාර දක්වන විදිය ඒ තරම් අහිංසක නම් නෑ. එහි පෙම් ජවනිකා එහෙම තිබුණනෙ කරන්න. ඔබ අත්දැකීම් පරිපූර්ණ නිළියක වගේ ඒ දේවල් කළේ. ඒ දේවල් කරන්න කළින් අත්දැකීම් තිබුණ ද? ඒ කාලෙ මම පේ‍්‍රම කරමින් හිටපු කාලෙ. ඒ නිසා අත්දැකීම් තිබුණා. මොකද ආදරේ විඳිමින්නෙ හිටියේ. ඒ වගේම විශෙෂයෙන්ම කියන්න ඕනෑ රොෂාන් රණවන ගැන. ඔහුගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා. මට ඒ දේවල් හරියට කරන්න ලැබෙන්නෙ නෑ රොෂාන්ගෙන් හොඳ සහයක් තිබුණෙ නැත්නම්.
කාව්‍යාට ටෙලිනාට්‍ය අතරතුර වූ රසවත් සිදුවීම් එහෙම තියෙනවද?
එහෙම කියලා විශේෂම සිදුවීම් නෑ. නමුත් අපි ඒ ගතකරපු කාලය තුළ හරිම විනෝදයෙන් හිටියේ. කාව්‍යා එකේ හිටපු නළු නිළියො කණ්ඩායම අදටත් මට මගෙ පවුලෙ අය වගේ දැනෙන්නෙ. ඒ තරම්ම ඒ හැමෝම හරිම සමීපයි. මගෙ අම්මට හිටපු සංජීවනී අක්කා, තාත්තා කුමාර ජයකාන්ත අයියා, නංගි ෂමින්ද්‍රි ඒ අපි හැමෝම එකම පවුලක වගේ අදටත් අපි අතර ලොකු බැඳීමක් තියෙනවා.
කාව්‍යා නංගිට හිටපු ෂමින්ද්‍රිගෙන් අඩන්තේට්ටම් සිදුවුණා නේද?
ඔව්. එයා නපුරු නංගි කෙනෙක්ගෙ චරිතය කළේ. නමුත් ඇත්ත කතාව ෂමින්ද්‍රි මටත් වඩා අහිංසකයි.
ඕෂධී කාව්‍යා චරිතයෙන් අතර මගදි නැවතුණා නේද? ඒ වගේ චරිතයක් දාලා ගියේ ඇයි ?
ඒක වුණේ මෙහෙමයි. ඇත්තටම ඒ කතාව අතර මැදදි තමයි මගෙ විවාහය සිදුවුණේ. විවාහයත් එක්ක ඇත්තටම දින ගැටලූවක් ආවා. මොකද මේ මෙගා ටෙලිනාට්‍යය නිසා දිගටම දිවෙන චරිතනෙ. මෙගා ටෙලිනාට්‍යයකට මම පළමු වතාවට තමයි සම්බන්ධ වුණෙත්. ඒ නිසා පෙර අද්දැකීමක් තිබුණෙත් නෑ. මේ කතා මෙතරම් දුරට ඇදෙනවා කියලා දන්නෙත් නෑ. මම එතකං කරලා තිබුණෙත් කොටස් විසිපහේ තිහේ නාට්‍ය විතරයි. ඒවා මාසෙකින් රූගත කරලා ඉවර කරනවනෙ. ඒ නිසා පහසුයි. නමුත් මෙගා ටෙලිනාට්‍යයක් කරද්දී විවාහ ජීවිතයට ඇතුල් වුණාම එහි දිගටම රැඳෙන්න අමාරුයි. ජීවිතේට නිදහස ඕනෑ. ඒ නිසා තමයි ඉවත් වුණේ.
ඒ වගේ ජනප‍්‍රිය වුණු චරිතයකින් ඉවත්වීම අපරාදෙ කියලා හිතුනෙ නැද්ද?
නෑ. මට එහෙම හිතුනෙ නෑ. මම හිතනවා අදටත් මම කළ දේ හොඳයි කියලා. මොකද ඒ චරිතය ඉවර වෙනකම් ඉඳලා මිනිසුන්ට එපා වෙන ගානට එනවට වඩා නැවතුණු එක හොඳයි. නැත්නම් මේ නාට්‍ය එක දිගට ඇදුණූ නිසා මේ තියෙන කැමැත්ත ජනප‍්‍රියතාවය නැතිවෙයි කියලා මට හිතෙනවා. මිනිසුන්ට අදටත් මේ චරිතෙට කැමැත්ත තියෙන්නෙ මේ චරිතෙ ගොඩක්ම හීට් කාලෙ දී මම ඉවත්වුණූ එක. මගෙන් පස්සෙ ආපු නිළියෝ ලස්සන දක්ෂ කට්ටිය. නමුත් කොයිතරම් දක්ෂ වුණත් ඒ චරිතෙ පළමුවෙන්ම කරන නිළිය තරම් දෙවැනි අයගෙන් ඒ ගැම්ම එන්නෙ නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මම හිතනවා ඒ හැමදේ එක්කම රසිකයින්ට මගෙ අගේ වැඩිපුර දැණුනා කියලා.
ඕෂධී සහ රොෂාන්ට නවක යුවළක් විදියට ඒ දවස්වල ප‍්‍රතිචාර තිබුණා නේද?
ඇත්තටම ඒ දවස්වල රොෂාන් සහ මම ගොඩක් මැච්වෙන යුවළක් විදියට ජනප‍්‍රිය වුණා. නමුත් මම හිතන්නෙ එතැනින් පසුව රොෂාන් වැඩිපුර ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නෑ. ඔහු සිනමාව පැත්තට ගිය නිසා. මමත් විවාහය එක්ක ක්ෂේත‍්‍රයෙන් ටිකක් ඈත් වුණා. ඒවත් එක්ක තමයි අපේ රඟපෑම් කැඩුනෙ. නැත්නම් මම හිතනවා ඒ සම්බන්ධතාවය දිගටම ක්ෂේත‍්‍රයේ ගෙනිච්චනම් අපි දෙන්නට බොහෝ දුර යන්න තිබුණා.
ධනු විජේරත්න


