දැනට විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ඔබ දකින අරුණි මෙන්ඩිස් තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියකි. ටෙලිනාට්‍යය නිළියක් සේම රූපවාහිනි නිවේදිකාවක් ලෙසද කටයුතු කරන අරුණි ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍යය කිහිපයකම වැඩ කටයුතුවලට මේ වනවිට සම්බන්ධවී සිටියි.
“පසුගිය කාලේ මා සම්බන්ධව රාවයක් ගිහින් තියෙනවා කලා ක්ෂේත්‍රයෙන් මම සමුගත්තා කියලා. පසුගිය කාලේ රංගනය පැත්තෙන් මම අඩු දායකත්වයක් ලබාදුන්නා තමයි. ඒත්, මම ඉන් සමුගත්තේ නැහැ. අදටත් මම ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් කටයුතුවලට දායක වෙනවා. මේ දිනවල මා රංගනයෙන් දායක වුණ ‘සඳ දිය මංකඩ’ කියලා ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා ජාතික රූපවාහිනියේ. ඊට අමතරව මගේ ටෙලි නාට්‍යය කිහිපයක්ම ඉදිරියට එන්න තියෙනවා. ඒ අතර චිත්‍රපට දෙකකුත් තියෙනවා ප්‍රදර්ශනය වෙන්න සූදානමින් තියෙනවා.”


