ඇය විටෙක උන්මාදනීය පෙම්වතියක් බඳුය. දෙකම්මුල් වළ ගැහෙන සුන්දර සිනහවක් හිමි ඇය අපේ රටේ සිනමාවේ එක් යුගයක් ආලෝකමත් කිරීමටද සමත් වූවාය. ‘උන්මාද වූ පේ‍්‍රමාදරේ’ ගීතය ඇසෙන හැම මොහොතකම ඔබ අප සියලූම දෙනාට ඇයව නිතැතින්ම සිහිපත් වෙනවා නිසැකය.
සප්ත කන්‍යා, උත්පලවණ්ණා, ගරිල්ලා මාකටින්, සලෙළු වරම, කිණිහිරියා මල්, මිල්ලෙ සොයා, දෝණි වැනි අතිශය ජනප‍්‍රිය පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම්ගත්, චිත‍්‍රපට රාශියකට සම්බන්ධ වී විටෙක සම්මානයන්ටද පාත‍්‍ර වූ ඇය සංගීතා වීරරත්නය.
‘මෙවර තරු පෙම් කළ තරු’ විශේෂාංගයෙන් ඔබ හමුවන්නේ ඒ ආදරණීය රංගන ශිල්පිනී සංගීතා වීරරත්නයි.
සංගීතා ඔබ, පුංචි කාලෙ පෙම්බැන්ද නළුවා කව්ද?
මම පෙම්බැන්ද නළුවො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි විජය කුමාරතුංග, අනිත් කෙනා ගාමිණි ෆොන්සේකා. විජය කුමාරතුංග මහත්මයා මම පුංචි කාලෙ ඉඳන්ම අපේ පවුල ඇසුරු කරපු කෙනෙක්. අපේ ගෙදරට යන, එන පුද්ගලයෙක්. මොකද මගෙ තාත්තව ළඟින්ම ආශ‍්‍රය කරපු නිසා. ඒ දේවල් එක්ක මම ඔහු ගැන දන්නවා. හරිම ගුණයහපත්, ඒ ගතිගුණවලට වගේම ඔහුගේ තිබුණු ආකර්ෂණයටත් මම ගොඩක්ම ආස කළා.
ගාමිණි ෆොන්සේකා මහත්මයව මම ගොඩක් දැකලා නෑ. නමුත් රිදී තීරයෙන් ඔහුගෙ දක්ෂතා දැකලා තියෙනවා. ඒ දක්ෂතාවලට මම ගොඩක් ආදරේ කළා. ඒ නිසාමයි මේ දෙන්නටම මම පුංචි කාලෙ ඉඳන්ම කැමැත්තක් දැක්වුවෙ.
විජය කුමාරතුංග සමඟින් රඟපාන්න අවස්ථාවක් ලැබිලා තියෙනවද?
නෑ. මගෙ තාත්තගෙ චිත‍්‍රපටයක නම් ඔහු හිටියා. ඒත් මම රඟපාලා නෑ. මගෙ අක්කා තමයි ඒකෙ රඟපාන්න හිටියෙ.
ඔහු රඟපෑ චිත‍්‍රපට අතරින් කැමතිම චිත‍්‍රපටය මොකද්ද?
මම කැමතිම ඔහු රඟපෑ ‘‘සංගීතා’’ චිත‍්‍රපටයට
ඒ චිත‍්‍රපටය මම වෙනුවෙන් හදපු චිත‍්‍රපටයක්. ඒ හේතුව තමයි විශේෂ වෙන්නෙ. ඒ වගේම මගෙ තාත්තගෙ චිත‍්‍රපටයක්. ඒකෙ ගීත ජවනිකාවලටත් මම ගොඩක්ම ආසයි. විජය කුමාරතුංග මහත්මයත් මාලනී ෆොන්සේකා මහත්මියත් රඟපෑ ලස්සනම මම සිත්ගත්ම චිත‍්‍රපටය තමයි ‘‘සංගීතා’’ කියන්නෙ.
එතකොට ඉන්දියාවෙ පෙම්බැඳි නළුවා ගැන කතා කළොත්?
ඉන්දියාවෙ නළුවන්ගෙන් මම ගොඩක්ම කැමති අමිතාබ් බච්චන්ට. ඔහුගෙ හැම චිත‍්‍රපටයකටම සහ ඒ රඟපෑමට මම ගොඩක්ම ආසයි. ඉතා දක්ෂ සහ ආකර්ෂණීයම නළුවෙක් තමයි ඒ.
සංගීතා නිළියක් වුණාට පසුව පෙම් බැන්ද නළුවා ගැන කියමුද?
මම කැමතියි කමල් අද්දරආරච්චිට. මම සිනමා ක්ෂේත‍්‍රයට ආවට පසුව ඔහු සමග වැඩ කරන්න ලැබුණා. ඔහු ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම හරිම ආකර්ශණීයයි.
රිදී තිරයෙ ඔබේ වැඩිපුරම ආදරවන්තයා වුණේ කව්ද?
රිදී තිරයෙ වැඩියෙන්ම මගෙ ආදරවන්තයා වුණෙත් කමල් අද්දරආරච්චි තමයි.
කමල් සමග රඟපෑ චිත‍්‍රපට අතරින් සිත්ගත්ම චිත‍්‍රපටය ගැන කිව්වොත්?
එහෙම කියන්න බෑ ඇත්තටම. මොකද මම රඟපාපු චිත‍්‍රපට ඔක්කොටම වගේ මම ගොඩක් කැමතියි. ඒ අතරින් වඩාත්ම කැමති චිත‍්‍රපට නම් දෙකක් තියෙනවා. ඒ තමයි ඉට්ස් මැටර් ඔෆ් ලයිෆ් සහ සප්ත කන්‍යා චිත‍්‍රපටය.
පේ‍්‍රක්ෂකයන් අතර ගොඩක් ජනප‍්‍රිය වුණේ මොන චිත‍්‍රපටයද?
ගොඩක්ම ජනප‍්‍රිය වුණේ නම් සප්ත කන්‍යා චිත‍්‍රපටය. ඒ චිත‍්‍රපටයට ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. හරිම විශේෂයි ඒ චිත‍්‍රපටයෙ මතකය නම්.
කමල් සමග රඟපෑ චිත‍්‍රපටයක සොඳුරු මතක සටහනක් ගැන කතා කරමුද?
මතක සටහන් ගොඩක් තියෙනවා. ඒවා හරි සුන්දර විශේෂ දේවල්. ඒවා බෙදාගන්න ඕනෑ මතකයන් කියලා මම හිතන්නෙ නෑ.
කමල් අද්දරආරච්චි පුද්ගලයෙක් විදියට කොයි වගේද?
හරිම හොඳ කෙනෙක්. තමන්ගෙ හිතවතුන්ට, හිතවතියන්ට හරිම අවංකයි. හොඳ යාළුවෙක්. ඒ යාළුකමේ විවිධ අවස්ථාවන් තිබුණා. ඒ අවංකකම යාළුකමට ඔහුගෙ අවංකකම අභියෝගයක් වුණා. ඒ හැම අවස්ථාවකදිම මම ඔහුගෙ හොඳ යහළුවෙක් කියලා ඔහු පෙන්නුම් කරලා තිබුණා.
හැම තිස්සෙම අපිට මුණගැහෙන්න වෙන්නෙ නෑ. කතා කරන්න වෙන්නෙ නෑ. සමහරවිට කතා කරන්නෙ අවුරුද්දකට එක සැරයක් වෙන්න පුළුවන්. ඒ ඔහු මගෙ උපන්දිනයට සුබ පතන්නත් මම ඔහුගෙ උපන්දිනයට සුබ පතන්නත් වෙන්න ඇති කතා කරන්නෙ. නමුත් මම දන්නවා කමල් මගෙ හොඳම යාළුවෙක් කියලා. ඕනෑම වෙලාවක මම වෙනුවෙන් නැගී සිටි හොඳම අවංක යාළුවෙක්.
vඔබ දෙපළ රඟපෑ චිත‍්‍රපට අතුරින් වැඩිපුරම ජනප‍්‍රිය වූ ගීතය ගැන කියමුද?
‘‘උන්මාද වූ පේ‍්‍රමාදරේ
සමනල වසන්ත යෞවනයේ’’
මේ ගීතය තමයි අතිශය ජනප‍්‍රිය වුණේ. ගොඩක් කට්ටිය මේ වනතුරුත් ආදරයෙන් වැළඳගෙන තියෙන ගීතයක්. මමත් ඇත්තටම මේ ගීතයට හරිම ආසයි සහ ආදරෙයි.
රිදී තිරයේ සංගීතට ගැළපෙනම ආදරවන්තයා කමල් නේද?
විවිධ අය විවිධ මත ගේනවා. කමල් කියලා කියන කට්ටියත් ගොඩාක් ඉන්නවා. නමුත් මට ඒ ගැන හරියට කියන්න බෑ.
ඔබ කැමතිම ගායකයා ගැනත් කතා කරමුද?
මම ගොඩක්ම කැමතියි මයිකල් ජැක්සන්ට. ඔහුගෙ ගීතවලට මම පොඩිකාලෙ ඉඳන්ම ප‍්‍රිය කළා. ඒ වගේම ඒ නර්ථන විලාසයන්ටත් ගොඩක් කැමතියි. ඒ දේවල් ඔහුගෙ වීඩියෝවලට ගේන්නෙ අමුතුම ලස්සනක්. ඒ හැම දක්ෂතාවයක්ම අපේ පරම්පරාවට පෙන්නුවෙ ඔහු තමයි.
එතකොට ලංකාවෙ ආදරණීයම ගායකයා කව්ද?
මගෙ ආදරණීයම ගායකයා සුනිල් එදිරිසිංහ. මම ඔහුගෙ හැම ගීතයකටම එක වගේ කැමතියි.
ඒ ගීතවලට කැමතිවෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
ඒ ගීත එකින් එකක් වෙනස්. විවිධ මාතෘකාවන් ඔස්සේ ගායනා කරන හැම ගීතයක්ම හදවතටම දැනෙන ගීත. ඔහුගෙ ? වැඩ මුරය ගීතය, සදාකාලික නොවූ ලෝකේ, අමල් බිසෝ, පලංචියේ වැනි ගීත එකකට එකක් වෙනස්. අලූත් දෙයක් සහ ඒවගේ අමුතු රසයක් තියෙනවා. ඒ නිසා ඒ ගීතවලට ගොඩක්ම කැමතියි. මම ගොඩක්ම පොඩි කාලෙ ජෝතිපාල මහත්මයටත් කැමැත්තක් දැක්වුවා. මොකද මම ඒ කාලෙදි සිනමා ගීතයත් සමඟනෙ හිටියෙ.
වර්තමාන තරුණ පරම්පරාවෙ කැමතිම රංගන ශිල්පියා කව්ද කියලා කිව්වොත්?
මම කැමති තුන්දෙනෙක් ඉන්නවා. හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර සහ පුබුදු චතුරංග.
එහි විශේෂත්වය කියමුද?
මම හිතන්නෙ රංගන ශිල්පීන් විදියටත් වර්තමානයේ තරු හැටියටත් ඔවුන් පුංචි තිරයෙ, රිදී තිරයෙ, වේදිකාවෙ රංගන කුසලතා දක්වනවා මම දැකලා තියෙනවා. හේමාල්ගෙ රංගනයට අමතරව තිබෙන ආකර්ෂණයට මම ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් හරි මිත‍්‍රශීලියි.
ඒ තිදෙනා සමග රඟපාලා තියෙනවද?
පුබුදුත් එක්ක මම චැලෙන්ජ්ස් චිත‍්‍රපටයෙ රඟපෑවා. හේමාල් එක්කත් රිදී රැුයක් ප‍්‍රසංගයේ නර්ථනයක් කරන්න හැකිවෙලා තියෙනවා. නමුත් රඟපාන්න ලැබිලා නම් නෑ.
ඒ තිදෙනා සමග රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් කැමැත්තෙන්ම භාරගන්නවද?
අනේ ඔව්. අනිවාර්යයෙන්ම ඉතා සතුටින් භාරගන්නවා.
ධනු විජේරත්න


