හෙළ සිනමාවේ අද්විතීය (Unique) නිළිය ලෙස ප්‍රකට රංගනවේදිනී ස්වර්ණාමල්ලවආරච්චි සිනමා රංගනයට අවතීර්ණ වී පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ඇය රඟපෑ චිත්‍රපට දහයක් ප්‍රදර්ශනය වන සිනමා උලෙළක් ජනවාරි 22-26 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍ර‘යේ ‘තරංගනී’ සිනමා ශාලාවේදී පැවැත්වෙයි. ඊට සමගාමීව ජනවාරි 26 වෙනිදා සවස 6.30 ට ඈ වෙනුවෙන් උපහාර උලෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එයද පැවැත්වෙන්නේ ‘තරංගනී’ සිනමා ශාලාවේදී බව ජ්‍යෙෂ්ඨ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මෙහිදී තවදුරටත් කතා කළ ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා ‘ස්වර්ණාය - සිනමාවේ ගැහැනිය’ උලෙළ පිළිබඳ මෙසේ පැවසීය.
"අද වෙනකොට ස්වර්ණා මල්ලවආරච්චි සිනමාවට අවතීර්ණ වෙලා වසර පනස්හතරක් වෙනවා. ඇය සිනමා රංගනයට අවතීර්ණ වන කාලවකවානුවේ අපි පාසල් යන ශිෂ්‍ය‘යෝ.කළුතර නගරයේ ඉතාම අඩු ප්‍රේක්ෂක පිරිසක් සමග තමයි එදා මම’සත්සමුදුර’ චිත්‍රපටය නැරඹුවේ. මම කවදාවත් හිතුවෙ නැහැ අපි සිනමාකරුවෝ බවට පත්වේවි කියලා. නමුත් අප තුළ හොඳ රසිකත්වයක් ඇති කිරීමට එකල ප්‍රදර්ශනය වූ සිනමාපට අපට විශාල අධ්‍යාපනයක් ලබාදුන්නා. ඒ හොඳ සිනමාව තුළ සිටි ඉතාම වටිනා සිනමා අධ්‍යක්‍ෂකවරු අතර සිටින ‘සත් සමුදුර’අධ්‍යක්‍ෂ සිරි ගුණසිංහ මහතා මෙහිදී මතක් කරන්නේ ‘ස්වර්ණා’ සිනමාවට හඳුන්වාදුන් ගෞරවයද සහිතවයි. ස්වර්ණා තෝරාගත් එම සම්මුඛ පරික්‍ෂණයේ එදා සිටි අප අතරින් වෙන්වූ ඩී.බිනිහාල්සිංහ මහතාවත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඔහු තමයි සත්සමුදුර චිත්‍රපටයේ කැමරාව මෙහෙයවා චිත්‍රපටය සංස්කරණය කළේ. මේ චිත්‍රපටය අද කොහේවත් නැහැ. මෙම සිනමා උලෙළේ තියෙන විශේෂත්වය තමයි සත්සමුදුර නිෂ්පාදක වෛද්‍ය ලීනස් දිසානායක මහතාගේ පුතා වන චිත්‍රපට සංස්කාරක හා ශබ්ද පරිපාලක ලාල් දිසානායක මහතා ළඟ තිබූ එකම පිටපත මෙම උලෙළේදී ප්‍රදර්ශනය කරන්න හැකිවීම.
ස්වර්ණා මල්ලවආරච්චිගේ සිනමාව ගැන කතා කරන බොහෝ අවස්ථාවල ඇය අපේ හොඳ සිනමාකරුවන් ගණනාවකගේ පළමු චිත්‍රපටයට, රංගනයෙන් දායක වීම සුවිශේෂයි. මගේ පළමු චිත්‍රපටය වන ‘හංස විලක්’ චිත්‍රපටයෙත් ඇය රඟපෑවා.ඒ රංගනයට ඇය සම්මානත් ලැබුවා.1979 වසරේ නිර්මාණය කළ මෙම චිත්‍රපටයත් උලෙළේ තිරගත වෙනවා.
හංස විලක් චිත්‍රප‘ටයේ තිබූ එකම දළ සේයාපට පිටපත ජාතික චිත්‍රපට සංස්ථාවේ නොමසුරු අනුග්‍රහ‘යෙන් මේ මොහොතේ බොම්බායේදී (මුම්බායි) සංරක්‍ෂිත DCP පිටපතක් හැටියට සැකසෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව මේ වෙනුවෙන් දෙන සහයෝගය මා හෘදයංගමව සිහිපත් කරනවා.
මගේ තුන්වෙනි චිත්‍රපටය වන සුද්දිලාගේ කතාවේ ඇය සුද්දිලෙස රඟපෑවා. එම නවකතා පොතේ කර්තෘ සයිමන් නවගත්තේගම මහතා මගේ එම තෝරාගැනීම ඉතාම නිවැරදි බව එකල පැවසුවා. සිංහල සිනමාවේ සිහිවටනයක් වන ලෙස ඇය එම චිත්‍රපටයේ ඇගේ රංග කාර්යය ඉටුකළා. කොටස් දෙකක් ලෙස සමාජගතකෙරුණු මගේ ‘බවදුක’ සහ ‘බවකර්ම’ චිත්‍රපට දෙකටත් ඇය සම්බන්ධ වුණා.මෙම චිත්‍රපට තුනත් උලෙළට ඇතුළත්.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මෙම උලෙළට තරංගනී සිනමාහල අපට නොමිලේ ලබාදීලා තියෙනවා. දින 05ක් මෙම උලෙළ පවත්වන්න අමාත්‍යාංශය දෙන ලද අනුග්‍රහයත් ගෞරවයෙන් සිහිපත් කරනවා.
අනෝමා රාජකරුණා විසින් ‘ස්වර්ණා’ පිළිබඳව වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරමින් පවතිනවා. එය උපහාර උලෙළේදී ප්‍රදර්ශනය කරනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා අනුෂා ගෝකුල මහත්මියගේ මැදිහත්වීමෙන් එම දෙපාර්තමේන්තුව ‘ස්වර්ණා’ පිළිබඳ අපට පොත් දෙකක් නිකුත් කිරීමට මූල්‍යමය අනුග්‍රහය ලබාදීලා තියෙනවා. එකක් ස්වර්ණාගේ ඡායාරූප ඇතුළත් ‘කොෆි ටේබල් බුක්’ එකක්. අනික ප්‍රශස්ත සිනමා අධ්‍යක්‍ෂකවරුන් ‘ස්වර්ණා’ පිළිබඳව ලියූ ලිපි එකතුවක්.
මෙම උලෙළට අනුග්‍රාහකයො හොයාගන්න අපට බැරිවුණා. SLT (ශ්‍රී ලංකා ටෙලිකොම්)සහ මොබිටෙල් ආයතනලබාදුන්න රුපියල්ලක්ෂ දහයක (10) මූල්‍යමය අනුග්‍රහයෙන් තමයි මේ උලෙළ සක්‍රිය වන්නේ.
මෑතකදී අග්‍රාමාත්‍ය ලේකම් සමන් අතාවුදහෙට්ටි සහෘදයා ප්‍රසිද්ධ ස්ථානයක කියලා තිබුණා ස්වර්ණා ජීවත්වන්නේ කුලී නිවසක කියලා. කාලකණ්ණි දේශපාලනය නොකළ නිසා ඇයට එවන් ඉරණමක් අත්වුවත්, අපි මෙම උලෙළ පවත්වන්නේ ඇයට සුබෝපභෝගී දිවියක් ලබාදීමේ සිහිනය සැබෑකර දෙන්න නොවෙයි. ජීවත්වන මනුෂ්‍ය‘යෝ තමන් සමග ජීවත්වන මනුෂ්‍යයන්ට ගරුකළ යුතුයි. ඒක තමයි මගේ හැඟීම. මේ උලෙළේ චිත්‍රපට අතර සිටින ඇය සමග කලාවේ නිරතවූ කලාකරුවන් 45 දෙනෙක් දැනට මියගොසින්. මමත් එම නාමාවලියට එකතුවෙන්න ළංවෙලා සිටින්නේ.
"මෙම උලෙළඅනාගතවාදී ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. ස්වර්ණා මේ තුළින් දැඩි ගෞරවයකට පත්වෙන බවත්, ඇය ඉතා සතුටට පත්වන බවත් සත්‍යයක්. එනමුදු ඉන් එහා ගිය තව වටිනාකමක් මෙහි තිබෙනවා'‘ස්ර්වණා’ අනන්‍ය නිළියක්. ඇයට පෙර සිටි නිළියන් හෝ ඇයට පසු සිනමාවට අවතීර්ණ වූ නිළියන්ගේ රංගන පෞරුෂය සමග ඇගේ කිසිදු සම්බන්ධතාවක් නැහැ. ස්වර්ණා චරිතයකට ආරූඪ වීම,එම චරිතය තමාගේම බවට පත්කරගැනීම කියන කාරණා ආදර්ශ මූලාශ්‍රකරගත් කිසිවෙකුත් අපේ සිනමාවේ අදටත් නැහැ.
මෙම රංගනවේදිනියගේචිත්‍රපට දහයක් මෙම උලෙළේ ප්‍රදර්ශනය වීමෙන් වර්තමාන සමාජය යළිඈ දෙස බැලීමටත්, වත්මන් සිනමා සහෘදයන්ට ඇය අධ්‍යයනය කිරීමෙන් රංගනය පිළිබඳ අලුත් ආභාසයන් ලැබීමටත් හැකිවේවි. වර්තමාන නිරූපණ කලාවේ ඇති අඩුලුහුඬුතා මොනවාද යන්නත්, වත්මන් රංගනයට අප එකතු කරගත යුත්තේ මොනවාද යන්නත් නරඹන සෑම දෙනාගේම හිතට දැනේවි. සංවාදයක් ඇතිවේවි.*
තමන්ට නැරඹීමට රිසි චිත්‍රපටය වෙනුවෙන් නියමිත ප්‍ර‘වේශ පත්‍රය ජනවාරි 16 වැනිදා සිට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් නොමිලේ ලබාගත හැකි බව චිත්‍රපට සංස්ථාවේ ප්‍රවර්ධන නිලධාරී හා උලෙළේ කමිටු සාමාජික දීප්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවට එක්වූ ස්වර්ණා මල්ලවආරච්චි රංගවේදිනියගේ දියණිය නරේන්ද්‍රා බණ්ඩාරනායක මෙනවිය පැවසුවේ තමාට ස්වර්ණා මල්ලවආරච්චිගේ දියණිය ලෙස සමාජයෙන් හා රැකියා ස්ථානයෙන් ඉහළ ඇගයීමක් ලැබෙන බවත්, දශක ගණනාවක් ලංකාවේ ව්‍යපාර ගණනාවකට අලෝකයක් වූ තම මව වෙනුවෙන් අනුග්‍රාහකයන් සොයා ගිය ගමන ඉතාම වේදනාකාරී අත්දැකීමක් වූ බවත්ය.
&මගේ අම්මට (ස්වර්ණා මල්ලවආරච්චිට) කිසිදු අලෙවි වටිනාකමක් නැති බව ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව කිව්වම මට දුක හිතුණා* ඇය එහිදී පැවසුවාය.
ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලපත්ති මහතාද මෙහිදී අදහස් දැක්වීය.
‘ස්වර්ණාය- සිනමාවේ ගැහැනිය’
ස්වර්ණා මල්ලවආරච්චි පනස් වසරක සිනමා අභිමානය
ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී
ජනවාරි 22 වැනිදා
පෙ.ව.10.30 ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බව දුක’
ප.ව.2.30 ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බව කර්ම’
ප.ව.6.30 සිරි ගුණසිංහගේ ‘සත් සමුදුර’
ජනවාරි 23 වැනිදා
ප.ව.2.30 සුමිත්‍රා පීරිස්ගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා’
ප.ව.6.30 වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’
ජනවාරි 24 වැනිදා
ප.ව.2.30 ප්‍රසන්න විතානගේ ‘අනන්ත රාත්‍රිය’
ප.ව.6.30 ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘සුද්දිලාගේ කතාව’
ජනවාරි 25 වැනිදා
ප.ව.2.30 වසන්ත ඔබේසේකරගේ ‘කැඩපතක ඡායා’
ප.ව.6.30 ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’,
ජනවාරි 26 වැනිදා
ප.ව.2.30 අශෝක හඳගමගේ’චන්න කින්නරී’
ප.ව.6.30 ස්වර්ණා මල්ලව මල්ලවආරච්චි උපහාර උලෙළ
මේ සඳහා වන ප්‍ර‘වේශපත්‍ර ජාතික චිත්‍රපට සංස්ථා කාර්යාලයෙන් නොමිලයේ ලබාගත හැකිය.
සටහන- පද්මකුමා පී.මෙත්තසේන


