මේනකා පීරිස් ගැන පසුගිය දිනවල වැඩිය කතාබහ කෙරුණෙ නැහැ. නමුත් දැන් නැවතත් ඇය ගැන කතාබහ වෙන්න පටන් ගෙන. තිරගත වන ආලෝකෝ උදපාදි චිත‍්‍රපටයේ තීය බැමිණියගේ චරිතය සමඟ සිනමා චරිතයකින් නැවතත් හමුවීම නිසයි.
තුසිත විජයසේනගේ කුළුඳුල් නිෂ්පාදනයෙන් සහ චත‍්‍ර වීරමන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයෙන් තිරගත කෙරෙන ”ආලෝකෝ උදපාදී” චිත‍්‍රපටයට අමතරව ස්වර්ණවාහිනියෙන් විකාශය වන ”සීරජ” ටෙලි මාලාවේත් හිරු ටීවී විකාශය කරන ගැමුණු මහරජ ටෙලි නිර්මාණය සමගත් හමුවන, මේනකා දැන් රඟපාන්නේ ඓතිහාසික කතාවල විතරද? පසුගිය දිනවල නිහඬව හිටියෙ ඇයි? මේ දිග හැරෙන්නේ මේනකාගේ හඬයි.
මේනකා පසුගිය කාලයේ මොනවද කළේ? පෙනෙන්නට නොසිටියේ?
ටෙලි නාට්‍ය තුනක විතර රඟපෑමට දායක වුණා. ඊට අමතරව පසුගිය දෙසැම්බර් මුලදි මගේ නැටුම් පංතිය ආරම්භ කළා.
ඒකද අල්ලා ගන්න හරිම අමාරු?
එහෙමමත් නැහැ. මම මොනව හරි වැඩකට දිනයක් දුන්නොත්, ඒක හරියටම කරනවා. රූගත කිරීම් අතරේ කාර්යබහුල නම් ඉතින් ඇමතුම්වලට පිළිතුරු දෙන්න ලැබෙන්නේ නැහැ.
ඇයි දිගටම ඓතිහාසික කතාවල රඟපාන්නේ?
මට එහෙම විශේෂත්වයක් නැහැ. ඒත් ඒක වාසනාවට ලැබුණු දෙයක් කියලයි මම හිතන්නේ. මේ වගේ ඓතිහාසික කතා පුවත් රැුගත් නිර්මාණ මෙගා නාට්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා රඟපෑමටත් අපට කාලයක් තිබෙනවා. ඒක කොටස් කීපයකට සීමා වෙනවා. ඒ නිසා ඒ කතාවලට ආසයි.
ආලෝකෝ උදපාදි චරිතය ගැන කතා කළොත්?
තීය බැමිණියගේ චරිතය රඟපාන්නේ මමයි. ඇය හරිම කෲර අමානුෂික චරිතයක්. එයා කවුද? ඊළඟට මොනවද කරන්නේ? කියලා කවුරුවත් දන්නේ නැහැ. ඇය කරන දේ දන්නේ ඇය විතරමයි. මෙම චිත‍්‍රපටය අවසානය දක්වා පේ‍්‍රක්ෂකයින්ටත් එය කුතුහලයක්. ඇත්තටම මේ වගේ ඓතිහාසික කතාවක චරිතයකට දායක වීම ලොකු වගකීමක්. අතිශය බැරූරුම් කාර්යයක්. අධ්‍යක්ෂගෙ සහ තිර රචනයට වගේම සමස්ත කණ්ඩායමේ ක‍්‍රියාදාමය ගැන අවබෝධයෙන් රඟපෑ යුතු චරිත. මට හැකි උපරිමය මම කළා.
තීය බැමිණියට සාපේක්ෂකව සැබෑ ජිවිතයෙ ඔබ කවුද?
අනේ ඇයගෙ ගතිගුණ මට නැහැ. මම ඊට හාත්පස වෙනස් චරිතයක්. ඇය විටෙක පිරිමියකුටත් වඩා අභිබවා ගිය චරිතයක්. මම බොහෝම ගරුසරු ඇතිව ජීවත් වන චරිතයක්. හිතේ සතුට රඳවාගෙන ජීවත් වන කෙනෙක්. පිළිවෙළට මම බොහෝම ආසයි. මගේ ඇඳේ සිට අඳින ඇඳුමේ සිට සියල්ල පිළිවෙළට මට තියෙන්න ඕනෑ.
ජය - පරාජය දුක - සතුට විඳ දරා ගන්නේ කොහොමද?
සෑම දෙයක්ම දරා ගැනීමේ ශක්තිමත් හිතක් තියෙනවා. සමහර විට පරාජයේදී අඬනවා. හැබැයි එක්කෝ තනියම. නැත්නම් මගේ අම්මා තාත්තා සහ මල්ලි ඉදිරියේ. සියලූ හිත් රිදීම් හරහා එය අනෙක් අයට මම පෙන්වන්නේ නැහැ. මගේ හිත හයියයි කියලා නිතරම මගේ අම්මත් කියන දෙයක්.
ආදරය ගැන වගේම ජීවිතය ගැන හිතන්නෙ කොහොමද?
මේ ලැබුණු ජීවිතය වාසනාවක්. මොන දුකක් ආවත් වේදනාවක් ආවත්, සතුටින් ජීවත් වෙලා ඉන්න උත්සාහ ගන්නවා. මොකද හෙට දවස ගැන අපට කියන්න බැහැ. මව්පියන්ව රැුක බලා ගැනීම දරුවන්ගේ ඉහළම යුතුකමයි. මම ඒ දේ ඉහළින්ම කරන්න කැමති කෙනෙක්. ඒ වගේම ප්‍රෝඩාවට නොවෙයි, ආදරයටxආදරය කරන කෙනෙක්. සැබෑ ආදරය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න පුළුවන් කෙනෙක්.
”තීය” බැමිණිය තරම් කුරුරි නැහැ?
අපෝ කෙහොමටවත් නැහැ. තීය බැමිණිය කියන දෙබසක් මම කියන්නම්.
”කරන්න තියන හොඳම දේ තමා මම කළේ. මේ රට සරුසාරව තියෙන කල් කළු සිංහලයා පරාද කරනවා බොරු.”
මේ දිනවල ලොකු සතුටකින්ලූ නේද සිටින්නේ?
ඒකට හේතුව තමයි මගේ නැටුම් පංතිය. අවුරුදු 3 සිට 20 විතර දක්වා ළමයින් වෙනුවෙන් නැටුම් පංති පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ක‍්‍රියාකාරකම් කතා බස් ආදී සියල්ල නිසා මා ලබන සතුට අපමණයි. ඒක ඇත්තටම සුන්දර ලෝකයක්. ඒ දරුවන් එක්ක ගත කරන සුන්දර ලෝකයට මම හරි ආසයි. ගල්කිස්ස තපෝධනාරාමයේදි තමයි පංති පැවැත් වෙන්නේ.
සඳුන් ගමගේ




