ලාංකේය කලා ක්ෂේත‍්‍රයේ චරිතාංග නිළියක් ලෙස පුංචි තිරය, රිදී තිරය හැඩකළ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලානි අනුරාධා. පේ‍්‍රක්ෂක සිත්සතන්වල ලැගුම්ගත් චරිත ඉදිරිපත් කරමින් ඇය පෑ විශිෂ්ඨ රංග ප‍්‍රතිභාව නිසාම නොයෙක්වර සම්මානයන්ට පවා පාත‍්‍ර වෙන්නට අවස්ථාව ලැබුණා.
එලෙසින් දහස් සංඛ්‍යාත රසික රසිකාවියන්ගේ ආදරයට ආකර්ෂණයට පාත‍්‍ර වූ ඒ සොදුරු රංගන ශිල්පිනී දුලානි අනුරාධා මෙවර ‘තරු පෙම් කළ තරු’ හැඩ කරනවා.
දුලානි පුංචි කාලෙ කැමතිම නළුවා කව්ද?
මම පුංචිම කාලෙදි ගොඩක් කැමැත්තෙන් හිටියෙ රොබින් හුඞ්ට. ටෙලි කතා මාලාවෙ හිටපු ඔහුගේ නම මොකක්ද කියලා නම් මම දන්නේ නෑ.
රොබින් හුඞ්ට කැමැති වෙන්න හේතුව?
ඒක දන්නෙ නෑ. නමුත් අපි පොඩි කාලෙ තිබුණු වීර කතා සම්ප‍්‍රදායක් ඒ. එහි ඔහු වීරයෙක්. ඉතින් ඒ වී චරිතෙට මම ගොඩක් ආස කළා. ඒ ආපු වීර චරිතෙට තමයි මුලින්ම පිරිමි පාර්ශ්වයට කියලා හිත ගියේ.
සිනමාවෙ ඔබ ආදරය කරපු රංගන ශිල්පියා ගැන කතා කළොත්?
ඒක හරියට එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. රංගනයත් එක්ක තමයි ගොඩක් වෙලාවට කැමති වෙන්නෙ. ඒත් පොඩි කාලෙදි කමල් අද්දරආරච්චිට කැමැත්තෙන් හිටියා. ඔහුගෙ රංගන විලාසිතාවත් එක්ක තමයි ඒ කැමැත්ත ඇතිවුණේ.
ඔහු රඟපෑ නිර්මාණ අතරින් කැමතිම?
මම ගොඩක්ම කැමතියි ඉරට මුවාවෙන්, දඩුබස්නාමානය, රතු රෝස වගේ නිර්මාණවලට ඒ වගේම මෑතකදී කරපු කලර් චිත‍්‍රපටයටත්, ඇඩ‍්‍රස් නෑ චිත‍්‍රපටයේ රඟපෑමටත් ගොඩක්ම කැමතියි. ඒවගේ අතිවිශිෂ්ට කුසලතාවන් මම දැක්කා. මේ නිර්මාණම විතරක් නෙමෙයි ඔහු රඟපෑ හැම නිර්මාණයකටම වගේ ගොඩක් කැමතියි. ඔහු දක්ෂ වගේම හරි ආකර්ශණීයයි.
ඔහු සමග ඔබ රංගනයෙන් දායක වෙලා තියෙනවද?
තවම නම් මට අවස්ථාවක් ලැබිලා නෑ.
ආරාධනාවක් ආවොත් භාර ගන්න කැමතිද?
ඔව්. අනිවාර්යෙන්ම කැමතියි.
ඔහු රඟපෑ චිත‍්‍රපට අතරින් දුලානිගෙ සිත්ගත්ම ජවනිකාවක් තියෙනවද?
ඔහුගෙ හැම රංගනයකටම වගේ මම ගොඩක්ම කැමතියි. මෑතකදී නම් ඔහු රඟපෑ චිත‍්‍රපට ජවනිකා අතරින් මගෙ සිත්ගත් ජවනිකාව නම් තිබුණෙ ඇඞ්ස් නෑ චිත‍්‍රපටයෙ. ඒ චිත‍්‍රපටයේ ඔහු නිතරම අත සෝදනවා. සෝදලා අත ගසනවා. ඒක ඇත්තටම හරි අමුතුම විදියකට රිද්මයකට කරන්නෙ. ඒකෙ අත සෝදන එක අත ගසන එක කරන්නෙ වුණත් ඒ ජවනිකාව දකිද්දි අමුතු දෙයක් හිතට දැනෙනවා, හරි අපූර්ව රංගනයක්.
දුලානි අධ්‍යනය කරන්න කැමති රංගන ශිල්පියෙක් ඉන්නවද?
අනිවාර්යෙන්ම. මම ගොඩක්ම අධ්‍යනය කරන්න කැමති වුණු නළුවා තමයි මහේන්ද්‍ර පෙරේරා. ඔහුටත් විශේෂම රංගන ප‍්‍රතිභාවක් තියෙන්නේ. හරිම දක්ෂ නළුවෙක්.
ඔබ කලා ක්ෂේත‍්‍රයට ආවම රිදී තිරයෙ වැඩිපුරම ආදරවන්තයා වුණේ කව්ද?
මම සාරංග දිසාසේකර එක්ක තමයි චිත‍්‍රපට දෙකක් කරලා තියෙන්නේ. එකක් තවම තිරගත වුණේ නෑ. එහෙම බලද්දී නම් සාරංග තමයි ආදරවන්තයා වුණේ.
දුලානිගෙ පරම්පරාවෙ කැමතිම රංගන ශිල්පියා කව්ද කියලා කිව්වොත්?
මම මගෙ ප‍්‍රථම චිත‍්‍රපට රංගනය ඉදිරිපත් කරපු සෞම්‍ය ලියනගේට ගොඩක් කැමතියි. මොකද ඔහු එක්ක තමයි මම මුලින්ම රඟපාන්න ආවෙ. ඔහු සමග රඟපෑම පුදුමාකාර පහසුවක් වුණා. ඒ පළවෙනි නළුවගෙ පටන් මට හමුවුණු කිසිම නළුවෙක් එක්ක නැවත රඟපාන්නේ නෑ කියන තැනකට ඇවිල්ලා නෑ. ඒ නිසා මගෙ පරම්පරාවෙ විශේෂයි කියලා එක්කෙනෙක් නෑ. හැමෝටම කැමතියි.
එතකොට ටෙලිනාට්‍ය ක්ෂ්ත‍්‍රයේ දුලානි කැමතිම රංගන ශිල්පියෙක් ඉන්නවද?
එහෙම එක්කෙනෙක් කියලා නෑ. නමුත් මම ආසයි මම ටෙලිනාට්‍ය නොකරපු කෙනෙක් එක්ක වැඩ කරන්න. විශේෂයෙන් කිව්වොත් රොෂාන් රවීන්ද්‍ර එක්ක වැඩ කරන්න ආසයි. මොකද මට ඔහු සමග රඟපාන්න අවස්ථාව ලැබුණත් ඒවා මගහැරුණා. මම ඔහුගේ රංගන වින්‍යාසයට ගොඩක් කැමතියි. ඔහුත් හරි ආකර්ශනීය නළුවෙක්.
වර්තමාන පරපුරේ ඔබ කැමතිය රංගන ශිල්පියෙක්.
මම සාරංග දිසාසේකරට කැමතියි. ඒ මම ඔහුත් එක්ක වැඩ කරලා තියෙන ප‍්‍රමාණයත් වැඩියි. ඒ නිසා ඔහු ගොඩක් හිතවත් සහ ඔහු සමග වැඩ කරන්නත් ඉතා පහසුයි. ඒ නිසා සාරංගට විශේෂත්වයක් තියෙනවා.
ඉන්දියාවෙ රංගන ශිල්පීන් අතරින් කැමතිම?
ඉන්දියාවේ නම් මම කැමතිම අමීර් ඛාන්ට තමයි.
අමීර් ඛාන්ට කැමති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
මම හිතන්නෙ මම කැමති වෙන්නේ ආකර්ශනය වෙන්නේ කෙනෙක්ගේ රංගන හැකියාවට. ඔහු ඕනෑම චරිතයක් වෙනුවෙන් වෙනස්කම්වලට භාජනය කරන්න පුළුවන් නළුවෙක්. ඉතින් මම ඔහුට ගොඩක් ගෞරව කරනවා සහ කැමතියි.
ඔහු රඟපෑ චිත‍්‍රපට අතරින් කැමතිම චිත‍්‍රපටය ගැන කිව්වොත්?
මෑතකදී නම් මම කැමතිම දංගල් චිත‍්‍රපටයට.
පිටරටක ඔබ කැමතිම සහ ආදරණීයම ගායකයා ගැන කතා කරමුද?
මම ගායකයන්ගෙන් ගොඩක්ම කැමති මයිකල් ජැක්සන්ට. ඔහුගේ රංගනය ගායනය ඒ ප‍්‍රාසාංගික අතින් ඉතා දක්ෂ ඉහළ මට්ටමේ හැකියාවක් තියෙන ගායකයෙක්. අද වෙද්දී ඒ වගේ අති දක්ෂ කෙනෙක් ඇත්තටම බිහිවෙලා නෑ. ඔහු තමයි තවමත් මගෙ අංක එක වෙන්නේ.
එතකොට ලංකාවෙ?
ලංකාවෙ ගායකයන්ගෙන් මම ගොඩක්ම කැමැත්තෙන් හිටියෙ ආදරණීයම ගායකයා තමයි පණ්ඩිත් ඞී. අමරදේව ශූරීන්. එතුමා ගායනා කළ ආරාධනා චිත‍්‍රපටයෙ ‘ආරාධනා’ ගීතය තමයි මගෙ ආසම ගීතය වෙන්නෙ.
එතුමාගෙන් පසුව දුලානි ප‍්‍රිය කරන ගායකයා ගැන කිව්වොත්?
එතුමාගෙන් පසුව මම කසුන් කල්හාරගෙ ගීතවලට තමයි කැමති. ඔහු තෝරා ගන්න පද මාලාවන් ගීතයට ගැළපෙන අර්ථය, ඊට ගැළපෙන තනුව, ඔහුගෙ කටහඬ හැමදේම ගොඩක් ප‍්‍රබල වෙනවා. ඔහුට අපුරු හඬක් තියෙන්නේ. ඒ හඬ හරි ආකර්ශනීයයි. ඔහුගේ සින්දුවල අවසානය ලොකු ගැඹුරක් තියෙනවා. ඒවගේ ගීත තියෙන්නේ ඔහුගේ විතරයි.
ධනු විජේරත්න


