මගීයාගේ ඔළුව පලා පොලිසිය පනස්දහසක් ගෙවයි


දුම්රිය සේවක වර්ජනයක දී කොටුව දුම්රියපොළේදී පොලිසියේ පහර  කෑමට  ලක් වු  දුමින්ද  හපුආරච්චි නම්  දුම්රිය මගීයාට රුපියල්  පනස් දහසක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද නියෝග කළාය.

2014 අප්‍රේල්  22 වැනි දා පොලිස් පහර දීමෙන්  හිස තුවාල වී  ජාතික රෝහලේ ප්‍රතිකාර  ලැබු බව හපුආරච්චි මහතාගේ  පැමිණිල්ලේ සඳහන් විය. පොලිස්පතිට  හා  නීතිපතිට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

හපුආරච්චි මහතා සෙලාන් සංවර්ධන සමාගමේ පරිපාලන කළමනාකාරවරයකු ලෙස සේවය කරයි.

 

IMG_7012

වීඩියෝ හා ඡායාරූප - කෞශල්‍ය සමින්ද

duminda-hapuarachchi