මගියාට ගැසු දවසේ දුම්රිය කැමරා වැඩ නෑ


මරදාන දුම්රිය ස්ථානයේදී  අඟහරුවාදා (20) කලබලකාරී තත්ත්වය ඇති වන  අවස්ථාවේදී එහි සවි කැර තිබෙන  සී සී ටී වී  කැමරා පද්ධතිය ක්‍රියාත්මක නොවී යැයි මරදාන පොලීසිය හා  දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.

දුම්රියෙන් ආ මගියකු අලව්වේදී දුම්රිය රියදුරකුට  පහර දුන්නැයි කියමින්  නිල් පාට නිල ඇඳුම් ඇඳ සිටි  පිරිසක් ඔහුට මරදානේ පහර දීමේ  ඡායාරූප ඒ අනුව  එම කැමරාවේ සටහන් වී නැත.

දුම්රිය ආරක්ෂක නිලධරයන් හා පොලීසිය  එම තරුණයාට පහර දීමට කිසිත් නොකළ බව එහි සිටි මගීහු කියති.