මගියා බසයෙන් වැටී මරුට : රියදුරු කොන්දොස්තර පොලිසියේ


කොට්ටාව බොරැල්ල 174 බසයකින් විසිවුණු මගියකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බස් කොන්දොස්තරවරයෙක් හා රියදුරෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. එම පුද්ගලයා පාර අයිනේ වැටී තුවාල ලබා සිටි බව කියමින් නාවින්නේ බොරු ලිපිනයක් හා කහවත්තේ දුරකථන අංකයක් රෝහලට දී ඇතැයිද පොලිසිය කියයි. රෝහලට ඇතුළු කර මිනිත්තු 15 කින් පමණ ඔහු මිය ගිය බවත් ඔහු බසයෙන් වැටී මිය ගිය බවට තොරතුරු ඇති බවත් ඔහුගේ හැඳුනුම්පත තිබූ බෑගය සොයාගත නොහැකි බවත් පොලිසිය පවසයි.