මග්ගොන පාලම දින දෙකකින් සවි කරයි


පයාගල මග්ගොන එදිරිල්ලේගොඩ රේල් පාලම නියමිත කාලයට  පෙර දින එකහමාරක් අඩුවෙන් සවි කිරීමට මාර්ග හා පාලම් අංශය සමත් විය.

මේ සඳහා මුහුදු බඩ දුම්රිය මාර්ගය දින තුනහමාරකට වැසූ නමුත් දින දෙකකින් වැඩ නිම කළ දුම්රිය මාර්ග හා පාලම් අංශය රුහුණු කුමාරි දුම්රිය අද උදේ ධාවනය කිරීමට ද ඉඩ සැලැසීය.

දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු සේවකයෝ දින දෙකක් දිවා රෑ පාලම සවි කිරීමේ යෙදී සිටියහ.

තුන් දින නිවාඩුවකින් පසු මාතර සිට කොළඹට එන දහස් ගණනකට ගමන් පහසුකම් සැලැසීමට හැකි වූ බව එම සේවකයෝ කියති.

කඩිනමින් ඔවුන් වැඩ අවසන් කළ නමුත් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ ඉපැරණි දොඹකර දෙකකි.

දැව පිළිස්සේමෙන් පණ ගැන්වෙන එම දොඹකර දැන් යල්පැන ගොස් ඇත.