මගමරුට තුනක් බිලි


දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

මහියංගනය පදියතලාව මාර්ගයේ 48 කණුව ප්‍රදේශයේ දී ඇගළුම් කම්හලක සේවකයින් ප්‍රවාහානය කළ බසයක්  පෙරළීමෙන් සේවිකාවන් 12 දෙනකු තුවාල ලබා ඇත.  කොච්චිකඩේ දලුවාකොටුවේ දී පදික වේදිකා මාරුවේ දී 64 හැවිරිදි  අයකු මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගියේය. වැලිවේරියේදී ත්‍රිරෝද රථයක් තාප්පයක හැපීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවකු ඇතුළු දෙදෙනෙක් තුවාල ලැබීය.

මීරිගම  කොටදෙණියාව හල්පේ දී යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.