පිටකොටුව මහනුවර පාරේ දුරගමන් යන පෞද්ගලික බස් අතරමගදී මගීන් නංවාගනිතියි බස් 10කට පමණ පහර දී ඇතැයි පෞද්ගලික බස් රියදුරෝ කියති.පහරදීමෙන් පසුව ඔවූහු බස් ධාවනයෙන් වැළකී සිටිති.
200,180 හා138 මාර්ග අංක වල ධාවනය වන බස් රථ වර්ජනයෙන් මගීහු දහස් ගණනක් අමාරුවේ වැටී සිටිති.කඩවත,කිරිල්ලවල,නිට්ටඹුව ප්‍රදේශවලින් මගීන් නංවාගන්නා බව ඔවුහු චෝදනා කරති.