මග මරු දහයක් රැගෙන යයි


කැකිරාව, මාවනැල්ල මහන්තේගම , බණ්ඩාරගම, පිළියන්දල හා මහනුවර දී රිය අනතුරුවලින් අද දස දෙනෙක් මරුමුවට පත්වූහ.

කැකිරාවේ දී පියාත් පුතාත් මවත් දියනියත් යතුරු පැදියකින් යද්දී බසයක හැපී පියත් පුතාත් මිය ගොස් මවත් දියනියත් බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පිළියන්දල ජබුරලිය දී ත්‍රීරෝද රියක් හා මෝටර්රථයක් ගැටී කාන්තාවක මිය ගොස් තිදෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

අවුරුදු එක හමාරක් වයසැදි දියණියක් ඇතුළු තුවාල කරුවෝ කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබූහ.

මහනුවර දී ත්‍රීරෝද රියක් හා මෝටර් රථයක් ගැටී ත්‍රීරෝද රියදුරු මියගිය බව මහනුවර පොලිසිය කියයි.

3-(1)