දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු මකුණූ උවදුරින් දැඩි ලෙස පීඩා විදිති. දිවා රාත්‍රී නිදි වර්ජිතව සිටින අතර ඇවිද ගැනීමට නොහැකි මෙන්ම අත්පා වලට ප්ලාස්ටර් දමා ඇති රෝගිහු ද මේ උවදුර නිසා විශාල වශයෙන් පිඩාවට ලක්වී සිටිති.
මෙට්ට සහ ලෑලි අතර මකුණන් දැක ගත හැකිය. ඇතැම් රෝගීහු ද කොරිඩෝවේ හා බැමි මත නිදති.
දඹුල්ල රෝහලේ වෛද්‍ය ගාමිණී සේනානායක මහතා පැවසුවේ අවස්ථා කීපයක් ද මකුණු මර්දනයට පියවර ගත් බවයි. රෝහල වසා දමා මේ කටයුත්ත කළ යුතුව ඇතත් දඹුල්ල වැනි රෝහලක් පැයක් හෝ වසා තැබීමට නොහැකි බව ඔහු කියයි.

![makuno_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_011.jpg)
![makuno_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_021.jpg)
![makuno_03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_031.jpg)
![makuno_05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_051.jpg)
![makuno_06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/makuno_061.jpg)
