මකුණාට එරෙහිව පේරාදෙණි සිසුහු අවි අමෝරති


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල මකුණන්  බෝ වීමෙන් ළමයින්ට නිදාගැනීමට  නොහැකිව බිම නිදාගන්නා බවත් සිසුන් කිහිපදෙනකු මකුණු උවදුර හේතුවෙන් රෝගාතුර වී ප්‍රතිකාර ගත්  බවත් ඒවා පිළිසකර කර මකුණු උවදුරට පිළියම් යොදන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක්  අද (28)  පැවැත්විණි.

ශාස්ත්‍ර පීඨයේ සිට සනාතන මන්දිරය දක්වා පාගමනින් ගිය සිසුහු පාඨමාලා මුදලට විකිණීම නවතා දමන ලෙසත්, මකුණු උවදුර මර්දනය කරන ලෙසත්,  සියලු සුබ සාධන කටයුතු වලට වහා විසදුම් ලබා දෙන ලෙසත් සියලුම සිසුන් ට  නේවාසික පහසුකම් ලබා දෙන ලෙසත්, කළමනාකරන පීඨයට අවශ්‍ය කථිකාචාර්යවරුන්  ලබා දෙන ලෙසත්, සම සෞඛ්‍ය පීඨයේ සියලු අධ්‍යාපන  හා සුබ සාධන ගැටළු වහා විසඳා දෙන ලෙසත් ඉල්ලූහ.

pera_2016128532 pera_2016128533 pera_2016128539