මකර තොරණනින් පාරේ වැඩ මකර කටට


හොරණ කොළඹ මහා මාර්ගය පුළුල් කිරීම සඳහා කඩා දැමූ මකර තොරණට පොරොන්දු වූ පරිදි වන්දි නොගෙවී යැයි විරෝධය පළ කළ බොරැලැස්ගමුව කටුවාවල පරම ධම්ම විශුද්ධාරමය අසළ පාරේ වැඩ නතර කිරීමට කොන්ත්‍රාත් සමාගමට සිදු විය.

විහාරාධිපති සීනීපැල්ලේ චන්ද්‍රානන්ද හිමියන් පැවසුවේ නිසි පරිදි වන්දි නොගෙවා පාර පළල් කිරීමට විරෝධය පළ කළ බවයි.

ඝණ්ඩාරය ගසා දායකයන් කැඳවූ බව ද ඒ හිමියෝ කියති.