අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී ගිය දෙසැම්බරයේදී පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එදින හුවමාරු වූ දුරකතන ඇමතුම් හය ලක්ෂයක් සෝදිසි කරන බව කොළඹ අපරාධ කොට්ටාස බාර පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රණාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.
මෙතෙක් සිදු කළ පරීක්ෂණවල විමර්ශන වාර්තාවක් ද ඔහු ඉදිරිපත් කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරිය යළි විභාගය අප්‍රේල් තුන්වැනිදාට කල් තැබුවාය.