නාවුල මහෙස්ත‍්‍රාත් මංජුල තිලකරත්න මහතා අනුරාධපුර මහාධිකරණ විනිසුරුධුරයට උසස් කරනු ලැබ සිටියි. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වසර 16ක සේවා කාලයක් සම්පුර්ණය කර ඇති ඔහු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම සිටි විනිසුරුවරයා ය.
1995 නීතී විද්‍යාලයෙන් නීතීඥවරයෙකු ලෙස සමත් වූ තිලකරත්න මහතා ජනාධිපති නීතීඥ ආර්. අයි. ඔබේසේකර මහතාගේ කනිශ්ඨ නීතීඥවරයා ලෙස සෙවය කිරීමෙන් අනතුරුව 1997 වසරේදී රජයේ නීතීඥවරයෙකු ලෙස නීතීපති දෙපාර්තමෙන්තුවට සම්බන්ධවිය.
2000 දී වසරේදී මහෙස්ත‍්‍රාත්වරයකු ලෙස අධිකරණයට සම්බන්ධ වු ඒ මහතා කොළඔ, ගම්පහ, ඇල්පිටිය, මොරවක, රත්නපුර, සහ නාවුල යන අධිකරණ වල රාජකාරි කළ අතර 2012 වසරේදී අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ද විය.
මහින්ද රාජපක්ෂ රජය සමයේ මංජුල තිලකරත්න මහතා අධිකරණ සේවා කොමිසමේ සිටිය දී අධිකරණයට බලපෑම් එතියි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
ඉන් පසු 2012 ඔක්තෝබර හත් වැනි දා ගල්කිස්සේ දී තිලකරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ලවිය. ඊට විරෝධය පා විනිශ්චය කාරවරු වැඩ වර්ජනයක් ද සිදු කළහ.
එම ප්‍රහාරය එල්ලකල සැක කරුවන් තවම අත්අඩංගුවට ගෙන නැත.

